කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව රජයේ සාක්ෂිකරුවකුට බලපෑම් කිරීමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහි නඩුව ජුනි 5 දිනට යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය හමුවේ අද කැඳවනු ලැබීය.
රණවක මහතා වෙනුවෙන් නීතීඥ රජික කොඩිතුවක්කු ඉදිරිපත් කළ මෝෂන් පත්‍රයක් අනුව නඩුව විවෘත්ත අධිකරණයේ සලකා බැලුණි.
එහිදී නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පැමිණිල්ල මඟින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබඳ පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවයි.
ඒ අනුව කරුණු විමර්ශනය කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුවේ ඉදිරි පියවර සඳහා එය ජුනි 5 දිනට කල් දමා ඇත.




