WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සාම පා ගමනේ සිව්වෙනි දිනය අද

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
245 viewsf𝕏W
සාම  පා  ගමනේ  සිව්වෙනි  දිනය අද
ඒහිපස්සිකෝ” සාම පාද යාත්‍රාව අද (25) සිව්වන දිනටත් මාවනැල්ල, බෙලිගම්මන රජමහා විහාරයෙන් ආරම්භ වී තිබේ.
අද දින ගමන් මාර්ගය ලෙස එය තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.
ඊයේ තුන්වන දිනයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අසළින් ආරම්භ වූ පාගමන, මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරස්ථානය දක්වා පැමිණ තිබුණි.
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම සාම පාද යාත්‍රාව පසුගිය 21 වැනිදා දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කටුනායකේදී මිලියන 25ක කුෂ් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට
Next
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 6ක සිර දඬුවම්

More in Breaking News