WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

කටුනායකේදී මිලියන 25ක කුෂ් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
260 viewsf𝕏W
කටුනායකේදී මිලියන 25ක කුෂ් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 25කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බැංකොක් සිට පැමිණි මෙම සැකකරු කොළඹ පදිංචි වයස අවුරුදු 33ක් වූ පුද්ගලයෙකු වන අතර, ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු බවද අනාවරණය වී තිබේ.
හරිත මාර්ගය ඔස්සේ පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ඇතිවූ සැකය මත සිදුකළ පරීක්ෂාවකදී, ඔහුගේ ගමන් මල්ලක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
එම කුෂ් තොගය වියළි පලතුරු පැකට් තුළ, පලතුරු ඉවත්කර අසුරා තිබූ බවද හෙළිව ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයට භාරදීමට නියමිතයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරාන-අමෙරිකා හමුවක් පාකිස්ථානයේ නොමැති බව ඉරානය පවසයි
Next
සාම පා ගමනේ සිව්වෙනි දිනය අද

More in World