පාකිස්ථානයේදී ඉරාන සහ අමෙරිකානු නියෝජිතයන් අතර හමුවක් පැවැත්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි X පණිවිඩයක් හරහා ප්‍රකාශ කර තිබේ.
“ඉරානය සහ අමෙරිකාව අතර කිසිදු හමුවක් සැලසුම් කර නොමැති අතර, ඉරානයේ ස්ථාවරය පාකිස්ථානයට දැනුම් දෙනු ඇත” යනුවෙන් ඔහු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, අමෙරිකානු ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් අවසන් කර කලාපයේ සාමය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානය සිදුකරන මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එරටට පැමිණ ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මීට පෙර ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණේ ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් ඉරාන පාර්ශවය සමඟ සෘජු සාකච්ඡා සඳහා පාකිස්ථානය බලා ගමන් කරන බවයි.




