චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ජයත්‍ර සම්පත් මිරැන්ඩා ලෝකඩ පදක්කම දිනාගත් බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.
මෙම ඉසව්වේදී ඔහු මීටර් 7.41ක දක්ෂතාවයක් දැක්වීමට සමත්ව තිබේ.
ඉසව්වේ රන් පදක්කම වියට්නාමයට හිමි වූ අතර, රීදි පදක්කම චීනය විසින් දිනාගෙන තිබේ.




