WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 6ක සිර දඬුවම්

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
230 viewsf𝕏W
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 6ක සිර දඬුවම්
වැල්ලවාය ප්‍රදේශයේ කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම් නියම කර තිබේ.
මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ලබාදී ඇත.
2009 සැප්තැම්බර් 02 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු ලිඛිත පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සියල්ල සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා එකවර ගෙවී යන ලෙස වසර 06ක සිර දඬුවම් නියම කර ඇති අතර, එක් එක් චෝදනාවට රු.5,000 බැගින් දඩ මුදල් ගෙවීමටත්, අල්ලස් ලෙස ලබාගත් රු.15,000 මුදලද ආපසු ගෙවීමටත් නියෝග කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සාම පා ගමනේ සිව්වෙනි දිනය අද
Next
විශේෂ මෙහෙයුම්වලින් 20 දෙනෙක් අත්අඩංගුවට

More in Breaking News