WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විශේෂ මෙහෙයුම්වලින් 20 දෙනෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
251 viewsf𝕏W
විශේෂ මෙහෙයුම්වලින් 20 දෙනෙක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් අනුව ඊයේ (24) දිනට සෘජුව අපරාධවලට සම්බන්ධ බව හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, අපරාධකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම එහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව, ඊයේ දින පුද්ගලයින් 29,818 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.
එමෙන්ම, දින වරෙන්තුකරුවන් 235 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 206 දෙනෙකුද මෙම මෙහෙයුම් අතරතුර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 6ක සිර දඬුවම්
Next
ඔලිම්පික් කමිටු නිලවරණය අද

More in Breaking News