රැඳවුම්භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සනත් ද සිල්වා හෙවත් එස්. එෆ්. රාජුට අයත් මීටියාගොඩ නිවසේ පිටුපසින් සඟවා තිබූ ගිනිඅවි තොගයක් සොයාගෙන තිබේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (25) උදෑසන මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු මතයි.
එහිදී රුසියාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 15ක් හමුවී තිබේ.
කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා වන එස්.එෆ්. රාජු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන පසුගිය 17 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර, මේ වනවිට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරමින් පවතියි.




