පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා හෙට (26) පෙරවරුවේ ප්‍රංශයේ ලියෝන් නගරය බලා පිටත්ව යාමට නියමිතයි.
ඔහු මෙම සංචාරයට එක්වන්නේ ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) විසින් සංවිධානය කරන පළමු ගෝලීය මහජන සන්නිවේදන සම්මේලනයට සහභාගී වීමටය.
එම අවස්ථාවේදී, මෑතකදී මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන් අතරතුර ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂාව හා සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විශේෂ දේශනයක් ඔහු විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවැනි ජාත්‍යන්තර පොලිස් සම්මේලනයක විශේෂ දේශනයක් සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ පළමු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ෆෙඩ්රික් වුට්ලර් මහතා ඉතිහාසගත වෙයි.
මෙම සම්මේලනය අප්‍රේල් 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතය.




