ලබන මස පළමුවැනිදා සිට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) සහ පොලිස් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
මෙම පියවර මඟින් මෝටර් රථ හිමියන්ට කඩදාසි රහිත, කාර්යක්ෂම සහ පහසු සේවා අත්දැකීමක් ලබාදීමට ඉලක්ක කර ඇති අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ නවීකරණය සහ ජාතික ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමක් ලෙසද සැලකේ.
එමෙන්ම, ප්ලාස්ටික් කාඩ්පත් භාවිතය අවම කිරීම හරහා පාරිසරික තිරසාරභාවයට ද දායකත්වයක් ලබාදෙන බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.




