බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
එය තහවුරු වුණේ, දෙරට අතර පැවති තෙවන සහ අවසන් තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජයගැනීමත් සමඟය.
එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 213ක් රැස් කළේය. සොභානා මොස්ට්‍රයි ලකුණු 74ක් ලබාගත් අතර, පන්දුයැවීමේදී කවීෂා දිල්හාරි කඩුලු 3ක් සහ නිමාෂා මීපගේ කඩුලු 2ක් ලබාගත්තාය.
ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.3කදී කඩුලු 3ක් පමණක් දැවී ජය වාර්තා කළේය. එහිදී හසිනි පෙරේරා ලකුණු 95ක් සහ ඉමාෂා දුලනි ලකුණු 56ක් ලබාගත්තාය.
තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව කඩුලු 4කින් ජයගත් අතර, පළමු තරගය බංග්ලාදේශය කඩුලු 3කින් ජයගත්තේය.
මෙම කණ්ඩායම් දෙක අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන




