මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් සම්බන්ධයෙන් පැවැත්වීමට සැලසුම් කළ සාම සාකච්ඡාවක් සඳහා පාකිස්තානයට නොයන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් තම නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් අද (25) දින පාකිස්තානය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබූ බවට පෙර වාර්තා පළව තිබුණි. කෙසේවෙතත්, එම සංචාරය අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම්දී ඇති බව සඳහන් වේ.
කිසිදු සාකච්ඡාවක් නොමැති තත්ත්වයක පැය 18ක ගුවන් ගමනක් කිරීම අවශ්‍ය නොවන බව ඔහු Fox News වෙත ප්‍රකාශ කර ඇත.
අතරතුර, ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ඊයේ (24) පාකිස්තානයට ගොස් තිබූ අතර, එහිදී ඔවුන් අමෙරිකාව සමඟ සාකච්ඡාවකට සූදානම් නොමැති බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම දූත පිරිස අද (25) පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් සමඟ හමුවක් පැවැත්වීමෙන් පසු එරටින් පිටත්ව ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.




