කොළඹ තුරඟ තරග පිටියේ අද (25) පැවැති නවසීලන්ත (U85KG) කණ්ඩායම සහ ශ්‍රී ලංකා ටස්කර්ස් කණ්ඩායම අතර පළමු රග්බි තරගයෙන් ලකුණු 27-16ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
දෙරට අතර තරග දෙකකින් සමන්විත මෙම සංචාරයේ ආරම්භක තරගය ලෙස මෙය පැවැත්විණි.
මෙම තරග මාලාවේ දෙවන තරගය ලබන මැයි 03 වැනිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.




