ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය හි බුද්ධ ප්‍රතිමාවේ රන් ආලේපිත ඌර්ණ රෝම ධාතුව සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානයේ වැඩවාසය කරන අකුරැස්සේ සිරි ධම්මවිමල හිමි විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.
ඒ අනුව පොලීසිය මහනුවර ඇඟිලි සටහන් ඒකකය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධිය වූ ස්ථානයේ තිබී කෙස් හෝ රෝම කූප බවට සැක කරන ද්‍රව්‍යයක් සොයාගෙන ඇති අතර, මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය සඳහන් කරයි.




