WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කටුනායකදී අත්අඩංගුවට ගත් චීවරධාරීන්ට රැඳවුම් නියෝග

I
Ishanka Jayasuriya
April 26, 2026 · 1 min read
249 viewsf𝕏W
කටුනායකදී  අත්අඩංගුවට ගත් චීවරධාරීන්ට රැඳවුම් නියෝග
රුපියල් කෝටි 110කට ආසන්න වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසි දෙදෙනා මැයි මස 02 වනදා දක්වා රඳවාගෙන විමර්ශනය කිරීමට අධිකරණය අවසර ලබා දී ඇත.
මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මෙම නියෝගය නිකුත් කළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමක් අනුවය. විශේෂ බුද්ධි තොරතුරු මත සිදු කළ වැටලීමකදී, තායිලන්තයේ බැංකොක් නගරයේ සංචාරයකින් පසු මෙරටට පැමිණි මෙම භික්ෂූන් පිරිස ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය අනුව, ගමන් මලු වල ව්‍යාජ පතුල් සකස් කර ඒ තුළ ‘කුෂ්’ සහ ‘හෂීස්’ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් සඟවා තිබූ අතර, එය කටුනායක ගුවන්තොටුපළ ඉතිහාසයේ හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙසද සැලකේ. එමෙන්ම චීවරධාරීන් සම්බන්ධ මෙවැනි විශාල පරිමාණ ජාවාරමක් හෙළි වූ ප්‍රථම අවස්ථාවක් බවද සඳහන් වේ.
මත්ද්‍රව්‍ය පාර්සල්වලට ඉහළින් පාසල් උපකරණ සහ රසකැවිලි අසුරා සූක්ෂම ලෙස සඟවා තිබූ බවත්, එක් පුද්ගලයෙකුගේ ගමන් මල්ලක කිලෝග්‍රෑම් 4 සිට 5 දක්වා ප්‍රමාණයක් පැවති බවත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂූන් වන අතර, ඔවුන්ගේ විදේශ ගමනට ගුවන් ටිකට්පත් කිසියම් අනුග්‍රාහකයෙකු විසින් සපයා තිබූ බවට තොරතුරු ලැබී ඇත.
තවද, සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂාවලදී විදේශයේදී සිවුරු ඉවත් කර සාමාන්‍ය ඇඳුමින් සිටින ඡායාරූප සහ වීඩියෝ ද සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තවදුරටත් සිදුකරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගැටඹේ විහාරයේ රන් ආලේපිත ධාතුව හොරු අරන්
Next
මැරතන් තරගයේ පැය දෙකේ සීමාව බිඳදැමු සාවේ

More in Breaking News