WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

මැරතන් තරගයේ පැය දෙකේ සීමාව බිඳදැමු සාවේ

I
Ishanka Jayasuriya
April 26, 2026 · 1 min read
235 viewsf𝕏W
මැරතන් තරගයේ පැය දෙකේ සීමාව බිඳදැමු සාවේ
ලන්ඩන් මැරතන් තරග ඉතිහාසයේ නව පිටුවක් ලියමින් කෙන්යාවේ සබැස්ටියන් සවේ පැය 1:59:30 ක කාලයකින් කිලෝමීටර් 42.195 දුර නිම කරමින් නිල තරගයක් තුළ පැය දෙකකට අඩු කාලයකින් මැරතන් දිවූ ප්‍රථම ක්‍රීඩකයා බවට පත්විය.
මෙම ජයග්‍රහණයෙන් ඔහු බිඳ දැමුවේ 2023 වසරේදී කෙල්වින් කිප්ටම් තබා තිබූ පැය 2:00:35 ලෝක වාර්තාවය.
එමෙන්ම, මීට පෙර එලියුඩ් කිප්චෝගේ පැය දෙකකට අඩු කාලයකින් මැරතන් දිවුවද, එය නිල තරගයක් නොවූ නිසා ලෝක වාර්තාවක් ලෙස පිළිගැනීමට නොහැකි විය.
මෙම තරගයේ දෙවන ස්ථානය යොමිෆ් කෙජෙල්චා (1:59:41) විසින්ද, තුන්වන ස්ථානය ජාකොබ් කිප්ලිමෝ (2:00:28) විසින්ද හිමිකර ගත්තේය.
විශේෂත්වය වන්නේ, පළමු තිදෙනාම පෙර ලෝක වාර්තාවට වඩා වේගයෙන් තරගය නිම කිරීමයි.
තරගයේ පළමු භාගය මිනිත්තු 60:29 කින් නිම කළ සවේ, දෙවන භාගයේදී තවත් වේගය වැඩි කරමින් මිනිත්තු 59:01 කින් අවසන් කළේය.
අවසන් කිලෝමීටර් 5 දුර ඔහු දිවූ වේගය කිලෝමීටරයකට මිනිත්තු 2 තත්පර 45ක් පමණ වන අතර, එය අතිශය විශ්මය ජනක වේගයකි.
මෙය මැරතන් ක්‍රීඩාවේ පැය දෙකේ සීමාව නිලව බිඳ දැමූ ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කටුනායකදී අත්අඩංගුවට ගත් චීවරධාරීන්ට රැඳවුම් නියෝග
Next
දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනතුරක්

More in Sports