නව අධ්‍යයන වසර සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හෙට (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, 2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක්, එනම් සියයට 62.64ක් සරසවි සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.
මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිට ඇති අතර, විභාග ප්‍රතිඵල මාර්තු 31 වනදා රාත්‍රියේ ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
තවද, සියලු විෂයන් අසමත් වූ සිසුන් 30,000කට අධික සංඛ්‍යාවක් සිටින අතර, සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් පාසල් සිසුන් 7,477ක් සිටින බවත් එය සියයට 3.38ක් බවත් වාර්තා වේ.
පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගැනීමට සමත්ව ඇත.




