WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සාම පා ගමනේ හයවන දිනය අදයි

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
226 viewsf𝕏W
සාම පා ගමනේ හයවන දිනය අදයි
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් පසුගිය 21 වනදා දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කළ “ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව මේ වනවිට අඛණ්ඩව පවතින අතර එහි හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ කිරීමට නියමිතය.
අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කරනු ඇතැයි සැලසුම් කර ඇත.
හෙට (28) දිනයේදී කැලණිය රජමහා විහාරයේ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, එයින් අනතුරුව පාද යාත්‍රාව කැලණියෙන් නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සරසවි ප්‍රවේශ අත්පොත හෙට නිකුත් වෙයි
Next
මත්ද්‍රව්‍ය කිලෝ 302ක් අද දහනයට

More in Breaking News