පුත්තලමේ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උඳුන වෙත මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාම අද (27) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ආරම්භ කර තිබුණි.
මෙලෙස රැගෙන ගොස් ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ තබා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයකි.
බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒවා විනාශ කිරීමට අවසර ලැබී තිබේ.
ඒ අනුව හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් සහ ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක් අද දිනයේදී දහනය කිරීමට නියමිතව ඇත.




