WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

සටන් විරාමය අතරේ ලෙබනනයට ප්‍රහාර

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
270 viewsf𝕏W
සටන් විරාමය අතරේ ලෙබනනයට ප්‍රහාර
පවතින සටන් විරාමය නොතකා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෙබනන වැසියන් 14 දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ද සිටින බවය.
මේ අතර ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ නගර හතක ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් මෙම ගැටුම්වලදී ඊශ්‍රායල සෙබළෙකු ද මියගොස් ඇති බව එරට තහවුරු කර තිබේ.
ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ප්‍රකාශ කර ඇත්තේ තම රටේ සහ සොල්දාදුවන්ගේ ආරක්ෂාව සඳහා දැඩි පියවර ගන්නා බවයි.
එමෙන්ම ඊශ්‍රායලය සටන් විරාමය කඩ කළහොත් තමන් ද ප්‍රහාර නතර නොකරන බවට පාර්ශ්ව අනතුරු ඇඟවීම් ද සිදුකර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මත්ද්‍රව්‍ය කිලෝ 302ක් අද දහනයට
Next
ජපානයට භූමිකම්පනයක්

More in World