WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ජපානයට භූමිකම්පනයක්

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
306 viewsf𝕏W
ජපානයට භූමිකම්පනයක්
ජපානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් වාර්තා වී තිබේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 5.24ට මෙම භූ කම්පනය සිදුව ඇති අතර එහි ප්‍රබලතාව රික්ටර් මාපක 6.2ක් ලෙස සටහන් වී ඇති බවය.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.
එමෙන්ම ප්‍රබල කම්පන ඇතිවූ ප්‍රදේශවල ගල් කඩා වැටීම් සහ නායයෑම් ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත.
ඉකුත් අප්‍රේල් 20 වැනිදා ද ජපානයේ උතුරු ඉවාට් ප්‍රාන්තය අසල රික්ටර් මාපක 7.7ක භූ කම්පනයක් වාර්තා වී ඇති අතර එම අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සටන් විරාමය අතරේ ලෙබනනයට ප්‍රහාර
Next
ධීවර ක්ෂේත්‍රය නංවාලීමට ඩෙන්මාර්කය සමඟ සාකච්ඡා

More in World