WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ධීවර ක්ෂේත්‍රය නංවාලීමට ඩෙන්මාර්කය සමඟ සාකච්ඡා

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
239 viewsf𝕏W
 ධීවර ක්ෂේත්‍රය නංවාලීමට ඩෙන්මාර්කය සමඟ සාකච්ඡා
ශ්‍රී ලංකාවේ ධීවර, ජලජ හා සාගර සම්පත් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඩෙන්මාර්කයේ ප්‍රමුඛ ආයතන කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා මාලාවක් පවත්වා ඇත.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡා පසුගිය 24 වනදා ඩෙන්මාර්කයේදී සිදු කෙරිණි.
ලොව ප්‍රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන MAERSK සමාගම සමඟ පැවැති හමුවේදී, ශ්‍රී ලාංකික ධීවර හා නාවික ක්ෂේත්‍රයේ තරුණයින්ට ජාත්‍යන්තර නෞකා මත රැකියා අවස්ථා ලබා දීම සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු විය.
ඒ අතර ඩෙන්මාර්ක කර්මාන්ත මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවේදී ධීවර ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය, තිරසාර මුහුදු සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය සහ මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන හඳුන්වා දීම පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
එමෙන්ම Impact Fund Denmark සමඟ පැවැති හමුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා අඩු පොලී සහන ණය පහසුකම් ලබා ගැනීම, විශේෂයෙන් හරිත බලශක්තිය හා මත්ස්‍ය කර්මාන්ත ව්‍යාපෘති සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
මෙම සාකච්ඡා මඟින් මෙරටට විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සහ ජාත්‍යන්තර රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් වූ බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජපානයට භූමිකම්පනයක්
Next
කාන්තා කබඩි තරඟයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට

More in Breaking News