WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන චීවරධාරියා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
262 viewsf𝕏W
මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන චීවරධාරියා රඳවා ප්‍රශ්න කිරීමට අවසර
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝ 112ක් කූඨ ලෙස ගමන් මලු තුළ සඟවා මෙරටට රැගෙන ආ සිද්ධියට අදාළව, එම ජාලය මෙහෙයවූ බව කියන ප්‍රධාන චීවරධාරී සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මැයි 2 වනදා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය.
කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාරයේ අගුණුකොලේ අමිතානන්ද නම් මෙම චීවරධාරියා, තායිලන්තයේ සිට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී භාර ගැනීමට සූදානමින් සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
චීවරධාරීන් විසිදෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලාගොස් මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟව සිට ඇති අතර, ඊයේ (26) පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව වෛද්‍ය වාර්තා මඟින් හෙළි වී තිබේ.
අනෙකුත් චීවරධාරීන් තායිලන්තයට යැවීම සහ ඔවුන් සමඟ සම්බන්ධීකරණයට භාවිත කළ WhatsApp ගිණුමද මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මන්ත්‍රී අර්ච්චුනා 29 දක්වා රිමාන්ඩ්
Next
අලි-මිනිස් ගැටුම ගැන වාර්තාවක් කැඳවයි

More in Breaking News