WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කටුනායක සිද්ධියේ චීවරධාරීන් 19ක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවේ

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
202 viewsf𝕏W
කටුනායක සිද්ධියේ චීවරධාරීන් 19ක් මත්ද්‍රව්‍ය  භාවිත කර ඇතැයි හෙළිවේ
කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනාගෙන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
මෙම පිරිස අප්‍රේල් 25 වැනිදා තායිලන්තයේ සංචාරයකින් පසු මෙරටට පැමිණි අවස්ථාවේදී "කුෂ්" සහ "හෑෂ්" වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර, ඊයේ ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ චීවරධාරීන් තිදෙනා මීට පෙරද තායිලන්තයට ගොස් ඇති බවයි. එම සංචාරයට චීවරධාරීන් 12 දෙනෙකු එක්වී තිබූ බවද සඳහන් වේ.
එම සංචාරයේදී රැගෙන ආ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.
ලබන මැයි මාසයේදී තවත් චීවරධාරීන් 40 දෙනෙකු පමණ තායිලන්තයට රැගෙන යාමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වී තිබේ.
මෙරට සිට මෙම ජාලය මෙහෙයවූ බවට සැක කෙරෙන අමිතාන්ද නම් චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහුද සැකකරුවන් අත්අඩංගුවට පත් වූ දිනයේ ගුවන්තොටුපොළට පැමිණ සිටියද පසුව පලාගොස් ඇති බව වාර්තා වේ.
මෙම ජාවාරමට මෙරට ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධ බවත්, ඉන් එක් අයෙකු "හාජි" නමින් හඳුන්වන පුද්ගලයෙකු බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හිටපු මෝටර් රථ ප්‍රවාහන නියෝජ්‍ය කොමසාරිස්වරිය අත්අඩංගුවට
Next
මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු ජනපති සහ මහා සංඝරත්නය අතර හමුවක්

More in Breaking News