WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු ජනපති සහ මහා සංඝරත්නය අතර හමුවක්

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
214 viewsf𝕏W
මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු ජනපති සහ මහා සංඝරත්නය අතර හමුවක්
කටුනායක ගුවන් තොටුපොළේදී විෂ මත්ද්‍රව්‍ය සමඟ භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීමෙන් පසු උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
මෙහිදී පොලිස්පතිවරයා සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සහ මතුව ඇති තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බැවින්, ඊට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙළට සියලුදෙනා එක්විය යුතු බවයි.
එමෙන්ම රටේ ආර්ථික හා සමාජීය පරිවර්තනයක් සිදුකරන අතරතුර සම්බුද්ධ සසුන සහ ඒ ආශ්‍රිත හර පද්ධතිය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවද ඔහු අවධාරණය කළේය.
මහා සංඝරත්නය පෙන්වා දුන්නේ, සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා භික්ෂුන් වහන්සේලාට පමණක් නොව රජයේ සෘජු සහායද අවශ්‍ය බවයි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග, විහාර දේවාලගම් පනත ඇතුළු නීති සංශෝධන පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කටුනායක සිද්ධියේ චීවරධාරීන් 19ක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවේ
Next
බන්ධනාගාර මරණයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

More in Breaking News