WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බන්ධනාගාර මරණයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
187 viewsf𝕏W
බන්ධනාගාර  මරණයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (28) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
මෙම සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (27) මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරුන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මත්ද්‍රව්‍ය සිද්ධියෙන් පසු ජනපති සහ මහා සංඝරත්නය අතර හමුවක්
Next
විදුලි ගාස්තු වැඩි කිරීමට සංශෝධිත පිරිවැය වාර්තාවක් භාරදේ

More in Breaking News