WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අර්ච්චුනා ඇපමත නිදහස් කෙරේ

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
221 viewsf𝕏W
 අර්ච්චුනා ඇපමත  නිදහස් කෙරේ
යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධ ගැටුමක් හේතුවෙන් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා  අද (29) මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
අදාළ සිදුවීම පසුගිය 25 වනදා සිදුව ඇති අතර, එහිදී ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් පාර්ශව අතර බහින්බස්වීමක් හටගෙන ඇත.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයා ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමේ කොටසක් තමන්ට අයත් බව පවසමින් විරෝධය දැක්වීමෙන් තත්ත්වය උණුසුම් වී ඇති බව සඳහන් වේ.
අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධ නඩුවක්ද මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශම්මි ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
Next
චාල්ස් රජු ඇමෙරිකා කොංග්‍රසය අමතයි

More in Breaking News