WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

ශම්මි ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
256 viewsf𝕏W
ශම්මි ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අද (29) ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා විසින් භාරගෙන තිබේ.
ඒ සමඟම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවද නිවේදනය කර ඇත.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති යටතේ අමාත්‍යවරයාට හිමි බලතල අනුව මෙම පියවර ගෙන තිබේ.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කඩිනමින් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම
Next
අර්ච්චුනා ඇපමත නිදහස් කෙරේ

More in Sports