WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

චාල්ස් රජු ඇමෙරිකා කොංග්‍රසය අමතයි

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
209 viewsf𝕏W
චාල්ස් රජු ඇමෙරිකා කොංග්‍රසය අමතයි
දින 4ක රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණි බ්‍රිතාන්‍යයේ තෙවැනි රජු චාර්ල්ස්  ඊයේ (28) අමෙරිකානු කොංග්‍රසය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, අමෙරිකාව සමඟ සෑම කරුණකම සමානාත්මතාවයක් පවතින අතර වෙනස විය හැක්කේ භාෂා විලාසය පමණක් බවයි. එමෙන්ම යුරෝපයේ සහ මැදපෙරදිග පවතින යුද තත්ත්වයන් ජාත්‍යන්තර ප්‍රජාවට දැඩි අභියෝගයක් වී ඇති අතර එහි බලපෑම සියලු රටවලටම ඇතිවන බවද ඔහු අවධාරණය කර තිබේ.
පසුව චාල්ස් රජු සහ කැමිලා රැජින, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්    විසින් සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගී වී ඇත.
එහිදී අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා මැදපෙරදිග සිදුවීම් සම්බන්ධයෙන් තම රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන සඳහන් කර ඇති අතර, යම් ප්‍රතිවාදියෙකු මිලිටරිමය වශයෙන් පරාජය කර ඇති බවද ප්‍රකාශ කර තිබේ. ඔහු තවදුරටත් එම ප්‍රතිවාදියාට න්‍යෂ්ටික අවි හිමිකම කිසිවිටෙකත් ලබා නොදෙන බවද සඳහන් කර ඇත. චාල්ස් රජුද එම අදහස් සමඟ එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.
මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී දෙවන ලෝක යුද්ධ සමයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ HMS Trump නමැති බ්‍රිතාන්‍ය සබ්මැරීනයේ සීනුවක් ත්‍යාගයක් ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත චාල්ස් රජු විසින් පිරිනමා තිබේ.
එම අවස්ථාව සම්බන්ධයෙන් “TWO KINGS” යන නාමය යටතේ ධවල මන්දිරය ද ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති බවද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අර්ච්චුනා ඇපමත නිදහස් කෙරේ
Next
විදුලි දුම්රි ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්

More in World