WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

විදුලි දුම්රි ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
212 viewsf𝕏W
විදුලි දුම්රි ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්
කොළඹ තදාසන්න දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
එම සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක  සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් අතර සිදුව ඇති අතර, “කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය” පිළිබඳව පුළුල් අවධානය යොමු කර ඇත.
එහිදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවාවක් ආරම්භ කිරීමත්, දැනට භාවිත වන පුළුල් පළල  වෙනුවට  සම්මත පළල යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමත් ලබන වසර මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැලණිවැලි මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා, ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වා සහ මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා විදුලි දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම්ද මෙහිදී සාකච්ඡා කර ඇත.
එමෙන්ම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අභියෝග පිළිබඳවද පුළුල් ලෙස විමසා තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
චාල්ස් රජු ඇමෙරිකා කොංග්‍රසය අමතයි
Next
රාජ්‍ය මුදල් අවභාවිත නඩුවේ ප්‍රගතිය ජූලි 8ට වාර්තා කිරීමට නියෝග

More in Breaking News