WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රාජ්‍ය මුදල් අවභාවිත නඩුවේ ප්‍රගතිය ජූලි 8ට වාර්තා කිරීමට නියෝග

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
204 viewsf𝕏W
රාජ්‍ය මුදල් අවභාවිත නඩුවේ ප්‍රගතිය ජූලි 8ට වාර්තා කිරීමට නියෝග
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණ ප්‍රගතිය 2026 ජූලි 8 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ, එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම මෙම පැමිණිල්ලට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සැකකාරියක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් පවතින බවද අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විදුලි දුම්රි ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්
Next
තිරිඟු පිටි මිල ඉහළට

More in Breaking News