ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි.
ඒ අනුව අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇත.
මෙම මිල සංශෝධනයත් සමඟ මීට පෙර රුපියල් 220ක්ව පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 225ක් දක්වා ඉහළ ගොස් තිබේ.




