සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය 2026 මැයි මස 9 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ සඳහා 2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධ මහජන උපදේශන ක්‍රියාවලිය අද (29) සිට ආරම්භ කර තිබේ.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.
යෝජිත සංශෝධන අනුව රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරයක් මැයි 10 සිට ලබාදීමටත්, ගෘහස්ත හා ආගමික ස්ථාන ඇතුළු පාරිභෝගිකයන්ගෙන් සියයට 95කට ගාස්තු වැඩි නොකිරීමටත් නිර්දේශ කර තිබේ.
එමෙන්ම පොදු කාර්ය, රාජ්‍ය ආයතන, සංචාරක හෝටල් සහ කර්මාන්ත අංශයේ ඇතැම් කාණ්ඩ සඳහාද ගාස්තු ඉහළ නොදැමීමට යෝජනා කර ඇත.
මෙම යෝජනා සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා මැයි 6 වනදා දක්වා භාරගන්නා අතර, ලැබෙන අදහස් සලකා බලා අවසන් තීරණය මැයි 9 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මහජන අදහස් හා යෝජනා යොමු කළ හැකි ආකාරය:
තැපෑලෙන්:
2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ,
ශාන්ත මයිකල් පාර, කොළඹ 03.
📧 ඊමේල්: [email protected]
📠 ෆැක්ස්: 0112392641
📱 වට්ස්ඇප්: 0764271030
📞 වැඩිදුර විස්තර සඳහා:
ආයතනික සන්නිවේදන
ජයනාත් හේරත්
077 294 3193




