WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හැටන් බස් අනතුරින් එක් අයෙක් මරුට

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
205 viewsf𝕏W
හැටන් බස් අනතුරින් එක් අයෙක් මරුට
හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්‍රදේශයේ අද (29) පස්වරු 3.00ට පමණ සිදුවූ බස් අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇතැයි හැටන් පොලිසිය පවසයි.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය තවත් බස් රථයකට ඉඩ ලබාදීමට යාමේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූවන් අතර පාසල් ළමුන් පිරිසක්ද සිටින බව සඳහන් වන අතර, සියලු තුවාලකරුවන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටී.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, රියැදුරු සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති බවත් පොලිසිය කියා සිටියි.
තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කොළඹ කොටස් වෙළඳපොලෙහි ඒකක ඉහළට
Next
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

More in Breaking News