ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම සහ ඩිනාල් පිලිප්ස් යන මහත්වරු පත් කර ඇත.
ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් පසු, ආයතනයේ කටයුතු මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.
ඒ අනුව, නව නිලවරණයක් මගින් ස්ථිර නිලධාරී මණ්ඩලයක් පත් කරන තෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අතුරු පාලක කමිටුව විසින් ගනු ලබන බව සඳහන් වේ.




