WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි ඉරාන්ට ලිපියක්

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
210 viewsf𝕏W
 සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි ඉරාන්ට ලිපියක්
ඉරාන් වික්‍රමරත්න මහතා තවදුරටත් පක්ෂ සාමාජිකයෙකු ලෙස රැඳී සිටීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට පටහැනි බව සඳහන් කරමින්, පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වන ලෙස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයෙ (29) ලිපියක් මගින් දැනුම් දී තිබේ.
වික්‍රමරත්න මහතා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය භාරගනිමින්, ඊට පිළිතුරු ලෙස මෙම ලිපිය යොමුකර ඇති බව සඳහන් වේ.
සියලු ක්‍රීඩා සංගම් නිර්දේශපාලන විය යුතු අතර, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් විසින් නොදැරිය යුතු බව පක්ෂයේ ස්ථාවරය ලෙස ලිපියේ අවධාරණය කර ඇත.
එමෙන්ම සදාචාරාත්මකව ගත යුතු නිවැරදි පියවර වන්නේ පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් වීම බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු වෙත දැනුම් දී ඇත..
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ
Next
මධ්‍යම කඳුකරය රැකගැනීමට නව අධිකාරියක් පිහිටුවීම කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්

More in Breaking News