මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබේ.
පසුගිය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නායයාම් නිසා මධ්‍යම කඳුකරයට දැඩි හානි සිදුවූ බව මෙහිදී අවධාරණය කර ඇති අතර, එම ප්‍රදේශය ආරක්ෂා කර පෝෂණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා දැඩිව පෙන්වා දී ඇත.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පවතින පාරිසරික ගැටලු සඳහා විසඳුම් සෙවීමත්, මධ්‍යම කඳුකරය දිගුකාලීනව රැකගැනීමත් අරමුණු කරගෙන මෙම නව අධිකාරිය පිහිටුවීමට තීරණය කර තිබේ.
එහි නීතිමය ප්‍රතිපාදන, ඉදිරි සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡාවේදී පුළුල් ලෙස විමර්ශනය කර ඇති අතර යෝජනා රැසක්ද ඉදිරිපත් කර ඇත.
එම අදහස් සියල්ල සලකා බලා ඉදිරි කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.




