චීනයේ පැවැත්වෙන 2026 ලෝක විශාලතම නිවුන් උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නිවුන්නු කණ්ඩායම ඊයෙ (29) චීනය බලා පිටත්ව ගොස් ඇත.
මෙම උළෙල අප්‍රේල් 30 වැනිදා සිට මැයි 4 වැනිදා දක්වා චීනයේ මෝජෑන් නුවරදී පැවැත්වීමට නියමිත අතර, ලෝකයේ රටවල් 70කින් නිවුන්නු ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වන බව සඳහන් වේ.
මෙවර උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම, මෙරට සංස්කෘතික අනන්‍යතාවය විදහා දැක්වෙන නර්තන අංග, ගීත, කවි සහ කතාන්දර ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ සුවිශේෂීත්වය ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වන බවද සඳහන් වේ.




