WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඉතාලි තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

I
Ishanka Jayasuriya
April 30, 2026 · 1 min read
193 viewsf𝕏W
 ඉතාලි තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව ඉතාලි තානාපතිවරයා ලෙස කටයුතු කරන ඩැමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබේ.
එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් තානාපතිවරයා උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර, අනතුරුව පැවති සුහද සාකච්ඡාව ඵලදායී ලෙස සිදුවූ බව සඳහන් වේ.
මෙම හමුවේදී දෙරටට වැදගත් ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීන මිත්‍ර සබඳතා පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ තානාපතිවරයා, විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත යළි තහවුරු කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලොව විශාලතම නිවුන් උළෙලට ශ්‍රී ලංකා නිවුන්නු චීනයට
Next
කම්කරු දිනයට හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

More in Breaking News