ජනවාරි සහ පෙබරවාරි මාසවල සංචාරක පැමිණීම් පිළිවෙලින් 277,327ක් සහ 279,328ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2025 හා 2018 වසර සසඳන විට සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එහෙත් 2026 මාර්තු මාසයේදී මෙම ධනාත්මක ප්‍රවණතාවය පහත වැටී, සංචාරක පැමිණීම් 183,979ක් දක්වා අඩුවී තිබේ. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය ඊට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත.
අප්‍රේල් මාසයේදී ද සංචාරකයින් 117,893ක් පමණක් දිවයිනට පැමිණ තිබේ.
කෙසේවෙතත්, 2026 වසරේ පළමු කාර්තුව අවසන් වන විට සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 858,527ක් දක්වා ළඟා වී තිබීම විශේෂත්වයකි.
ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය සහ ජර්මනියෙන් වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.




