WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

2026දී ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි

I
Ishanka Jayasuriya
May 2, 2026 · 1 min read
209 viewsf𝕏W
2026දී ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ 2026 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බවයි.
එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා සීමාවෙන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවය.
ඩෙංගු හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්ව ඇති බවද ඇය අනාවරණය කළාය.
දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී ඩෙංගු තත්ත්වය තහවුරු කරගන්නා ලෙසද ඇය ජනතාවට උපදෙස් දී තිබේ.
වෛද්‍ය උපදෙස් ලැබෙන තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ භාවිතා නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ශක භාවිතා කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අධි වෙසක් පුර පසළොස්වක සඳ “ෆ්ලවර් මූන්” ලෙස නම් කෙරේ
Next
මෙරට වින්නඹු සේවයට වසර 100යි

More in Breaking News