WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මෙරට වින්නඹු සේවයට වසර 100යි

I
Ishanka Jayasuriya
May 2, 2026 · 1 min read
223 viewsf𝕏W
මෙරට වින්නඹු සේවයට වසර 100යි
මෙරට වින්නඹු සේවයට 2026 වසරේදී වසර 100ක් සපිරීමත්, මැයි 05 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දිනයත් නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය තීරණය කර තිබේ.
එම උත්සවය එළඹෙන 05 වැනිදා පෙරවරු 10.00ට මහනුවර කරළිය රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
“තවත් වින්නඹු මාතාවන් මිලියනයක්” යන්න මෙවර සැමරුම් තේමාව ලෙස නම් කර ඇත.
එමෙන්ම වසර සියය සැපිරීම නිමිත්තෙන් ගර්භණී මව්වරුන් 100 දෙනෙකුට අවශ්‍ය දෑ අඩංගු ත්‍යාග පාර්සල් ලබාදීමද එදින සිදු කිරීමට සැලසුම් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
2026දී ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි
Next
මෙක්සිකෝවේ බස් රථයක් පෙරළී 11ක් මරුට, 32ක් තුවාලයි

More in Breaking News