මෙක්සිකෝවේ මගී බස් රථයක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 41 දෙනෙකු සිට ඇති අතර, ඉන් 6 දෙනෙකු ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් පස් දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන් වේ.
අදාළ බස් රථය මගීන් රැගෙන නයාරිට් ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
මෙක්සිකෝවේ මහාමාර්ගවල මෙවැනි බස් අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, මගී දුම්රිය සේවා සීමිත වීම හේතුවෙන් බස් රථ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කරන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.




