යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කළ නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඉරානය සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා යම් ප්‍රගතියක් පෙන්වා ඇති නමුත්, ඔවුන් අවසාන ඉලක්කය වෙත ළඟා වේද යන්න පිළිබඳව විශ්වාසයක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය හරහා නව යෝජනාවක් අමෙරිකාවට යොමු කර ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ විස්තර තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පාකිස්තානයට හා එහි නායකත්වයට තමන් ගෞරවය දක්වන බවද ප්‍රකාශ කර




