WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කටුනායකදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22ක අද අධිකරණයට

I
Ishanka Jayasuriya
May 2, 2026 · 1 min read
236 viewsf𝕏W
කටුනායකදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22ක අද අධිකරණයට
තායිලන්තයේ සිට ‘කුෂ්’ සහ ‘හෑෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා අද (2) දිනයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට යළි ඉදිරිපත් කිරීමට නියමිතය.
අප්‍රේල් 25 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේදී ‘කුෂ්’ හා ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාලය මෙහෙයවා ඇත්තේ අමිතානන්ද නමින් හඳුනාගත් චීවරධාරියෙකු බව අනාවරණ වී ඇත.
ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී එම සැකකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (3) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
එම චීවරධාරියාගේ මෙහෙයවීම යටතේ මීට පෙරද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධි ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.
මේ අතර එම ජාලයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
දින 7ක රැඳවුම් නියෝගයක් යටතේ විමර්ශන සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද දිනයේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරාන සාම යෝජනාව ගැන ට්‍රම්ප් අසතුටුයි
Next
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ අවසන් කටයුතු අද

More in Breaking News