මුදල් අමාත්‍යාංශයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (2) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
ඔහු ඉකුත් 30 වැනිදා සිය නිවසේ ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ සිව් දෙනෙකුගෙන් යුත් කමිටුව ඊයේ (1) එම මරණය දිවි නසාගැනීමක් බව තහවුරු කර ඇත.
මියගිය රාජපක්ෂ මහතා, වැඩ තහනමට ලක්වීමට පෙර මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කර තිබේ.




