WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

Spirit Airlines සිය මෙහෙයුම් නවතයි

I
Ishanka Jayasuriya
May 2, 2026 · 1 min read
267 viewsf𝕏W
Spirit Airlines සිය මෙහෙයුම් නවතයි
අමෙරිකාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන ‘Spirit Airlines’ අද (02) සිට සිය ගුවන් මෙහෙයුම් සම්පූර්ණයෙන් නතර කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සමාගම මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයෙන් ඩොලර් මිලියන 500ක ආධාරයක් බලාපොරොත්තු වූද, එම ගනුදෙනුව නියමිත කාලයේදී අවසන් කිරීමට නොහැකි වී ඇතැයි සඳහන් වේ.
වාර්තා අනුව, ට්‍රම්ප් පරිපාලනය විසින් යෝජනා කර තිබූ මූල්‍ය සහාය සඳහා සමාගමේ කොටස්වලින් සියයට 90ක අයිතිය රජයට පැවරීමේ කොන්දේසියක් ද ඇතුළත් වී තිබුණි.
එහෙත් රජය තුළ පැවති මතභේද සහ ඇතැම් ණය හිමියන් එකඟ නොවීම හේතුවෙන් එම ගනුදෙනුව අසාර්ථක වී ඇත.
ඉන්ධන මිල ඉහළ යාම, 2020 සිට ඩොලර් බිලියන 2.5කට අධික පාඩු සහ ඩොලර් බිලියන 8.1ක ණය බර සමාගම බිඳවැටීමට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස දැක්වේ.
මෙම තත්ත්වය හේතුවෙන් සේවකයින් 17,000කට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති අතර, අඩු මිල ගුවන් ගමන් අපේක්ෂා කරන මගීන්ටද දැඩි බලපෑම් එල්ල විය හැකි බව සඳහන්ය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ අවසන් කටයුතු අද
Next
හුණුවිලදී පිස්තෝලයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

More in World