පන්නල හුණුවිල ප්‍රදේශයේ වැටලීමකදී විදේශ නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙහෙයුමේදී සැකකරු කොටුකරගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 38ක් වන හුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.




