WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ඉහළට

I
Ishanka Jayasuriya
May 2, 2026 · 1 min read
374 viewsf𝕏W
මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ඉහළට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 410ක් ලෙස සඳහන් වේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 470කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 392ක් බව දැනුම්දී ඇත.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක් වේ.
ලංකා භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 10කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 265ක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇමෙරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි
Next
රුසියානු සෞඛ්‍ය දූත පිරිස හෙට දිවයිනට

More in Breaking News