WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඇමෙරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි

I
Ishanka Jayasuriya
May 2, 2026 · 1 min read
277 viewsf𝕏W
ඇමෙරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ බවට චෝදනා කර චීන සමාගම් පහකට පැනවූ සම්බාධකවලට එරෙහිව චීනය නිල තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය සමඟ සිදුකරන සාමාන්‍ය වෙළඳ ගනුදෙනුවලට ඇමරිකාව මැදිහත් වීම පිළිගත නොහැකි බවයි.
වොෂින්ටනය ක්‍රියාත්මක කරන “දේශසීමා ඉක්මවා ගිය අධිකරණ බලය” දැඩි ලෙස හෙළා දකින බවද බීජිං පාලනය සඳහන් කර ඇත.
විදෙස් වාර්තා අනුව, Hengli Petrochemical, Shandong Jincheng Petrochemical Group, Hebei Xinhai Chemical Group, Shouguang Luqing Petrochemical සහ Shandong Shengxing Chemical යන සමාගම් මෙලෙස සම්බාධකවලට ලක්ව ඇත.
මෙම සම්බාධක අවහිර කිරීම සඳහා චීනය ගත් නව පියවර කෙසේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බවද සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරානයේ අන්තර්ජාල සීමා 64 වන දිනටත්
Next
මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ඉහළට

More in World